රජයේ වෛද්‍ය නිලධාරීන් අද දෙවන දිනටත්

0
18

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනපුරා රෝහල්වල ආරම්භකළ වැඩවර්ජනය අද (10) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

ඔවුන් ඊයේ(09) පෙරවරු 08ට දිවයිනපුරා රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කළේය. ඒ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීමේ ලබාදීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තමන් සමඟ ඇතිකරගත් එකඟතා කඩකළ බව පවසමිනි.

මෙම වැඩවර්ජනය නිසා රෝහල්වල කටයුතු අදාළ වූ අතර රෝගීන් දැඩි අපහසුතාවයකට පත් විය.

කෙසේවෙතත් වර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ප්‍රකාශයට පත්කරන ලද පත්වීම් ලැයිස්තුව වහාම ඉවත් කර ගැටලුවට විසඳුමක් ලබාදෙන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here