59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්

0
10

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මහා සංඝ රත්නයේ ආශිර්වාදය සමඟ ඇරඹි හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ දී ගොවීන් මහත් භක්තියෙන් යුතුව සකසා සිය පළමු අස්වැන්න බුදුන් වෙනුවෙන් පුජා කරනු ලැබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, අපගේ සංස්කෘතියේ විශාලතම කොටස බවට කෘෂිකර්මාන්තය බැඳී ඇති බවය.

අලුත් සහල් මංගල්‍යය එහි අග්‍රඵලය වන බවද සඳහන් කර සිටි ජනාධිපතිවරයා, රටේ අනන්‍යතාවය සහ සංස්කෘතිය මේ තුළින් පිළිහිඹු කරන බවද පැවසීය.

ග්‍රාමීය ජනතාවගේ දුප්පත් කිරීම තම අභිප්‍රාය බවත් ඒ සඳහා ශක්තිමත් දැක්මක් හා වැඩපිළිවෙලක් අවශ්‍ය බවද අවධාරණය කළ ජනාධිපතිවරයා, ගොවීන්ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට නිරවුල් ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරමින් ඇති බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here