රුපියල් කෝටියක් වටිනා බටහිර ඖෂධ තොගයක් සමඟ සිව් දෙනෙකු ගුවන්තොටුපල රේගුවෙන් අත්අඩංගුවට.

0
5

රුපියල් කෝටියක් වටිනා බටහිර ඖෂධ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (07) අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් තිදෙනකු වයස අවුරුදු 18 – 25 අතර පසුවන තරුණයන් වේ. අනෙක් ගුවන් මගියා 45 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.

ඔවුන් අද අලුයම 12.25 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 08 ක් තුළ එන්නත් පෙති , කරළ් සහ ආලේපන ඇතුළත් කිලෝ ග්‍රෑම් 65 ක් බර , බටහිර ඖෂධ තොගයක් සගවා ගෙන තිබුණි.

මෙම ඖෂධ පිළිබද රේගුවට ප්‍රකාශ කර නොතිබුණු අතර , සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here