ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට දිවයිනට

0
2

ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට (05) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය.

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසුවේ පචවතින ගෝලීය තත්ත්වය හමුවේ මතුව ඇති පොහොර ගැටලුව රජයට සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකියාව ඇති බවයි.

එමෙන්ම, යල කන්නය ආරම්භ වන මේ අවස්ථාවේ ගොවි ජනතාව අතර පොහොර පිළිබඳ ගැටලු ඇතිවී තිබුණද, රට තුළ දැනටමත් මඩ පොහොර සහ බණ්ඩි පොහොර අවශ්‍යතාවයට වඩා ප්‍රමාණවත්ව පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

යුරියා පොහොර පිළිබඳව සීමිත ගැටලුවක් පැවතිය හැකි නමුත්, දැනටමත් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රට තුළ පවතින බවත්, වී වගාව සඳහා අවශ්‍ය වන ටොන් 80,000කට සාපේක්ෂව එය ප්‍රමාණවත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අතුරු බෝග සහ අතිරේක වගාවන් සැලකිල්ලට ගත් විට, තවදුරටත් අවශ්‍යතාවයක් ඇති විය හැකි බැවින්, එය සපුරාලීම සඳහා එන පස්වෙනිදා ටොන් 25,000ක පොහොර රැගත් නැවක් දිවයිනට පැමිණීමට නියමිත බවත්, තවත් පොහොර නැව් ඉදිරියේදී ගෙන්වීමට ඇනවුම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here