යටතේ කුරුණෑගල වල්පොතුවැව ජාමිඋල් හෛරාත් ජුම්මා දේවස්ථානයේ විශේෂ වැඩසටහනක් –
නිඩා පදනමේ ජංගම සහජීවන ව්යාපෘතිය යටතේ, පසුගිය 31 වන දින
“අපගේ මාතෘ භූමියේ සාමය හා සහජීවනය ගොඩ නංවමු” යන තේමාව යටතේ,
වල්පොතුවැව ජාමිඋල් හෛරාත් ජුම්මා දේවස්ථානයේ විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහනට කොබෛගනේ ප්රාදේශීය මහා ලේකම් කාර්යාලයේ ප්රාදේශීය ලේකම් තුමිය ඇතුළු එහි සේවය කරන නිලධාරීන් 50 දෙනෙකු පමණ ද නුගවෙල යොවුන් සේනාංකයේ ප්රධානී ඇතුළු එහි නිලධාරීන් ද එහි තරුණ තරුණියන් ද ඇතුළුව 95 දෙනෙකු පමණ සහභාගී වූහ. මෙහි අරමුණ ශ්රී ලංකාවේ විවිධ ජාතීන් හා ආගම් පිළිපදින ජනතාව අතර සාමකාමීවූත් සහජීවනයෙන් යුත් පසුබිමක් ඇති කිරීමයි.
නිඩා පදනම හා කොබෛගනේ ප්රාදේශීය මහා ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන තුළින්, ඉස්ලාම් ආගම පිළිබඳ ඇති වැරදි මතයන් හා සැකයන් දුරු කර , නිවැරදි හා පැහැදිලි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන ලදි.
