බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

0
15

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. මේ වෙනුවෙන් රට පුරා වෙහෙර විහාරස්තාන වල මිස සහ ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනයකය.

චූලෝදර – මහෝදර නා රජුන් අතර මැණික් පුටුවක් හේතුවෙන් ඇතිවන්නට ගිය ගැටුම නිරාකරණය කිරීමේ අරමුණ ඇතිව බුදුරදුන්ගේ දෙවැනි ලංකා ගමනය සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here