ඩුබායි වරායේ නැංගුරම් පොළේදී ඉරානය සම්පූර්ණයෙන්ම පිරවූ බොරතෙල් ටැංකියකට පහර දී ගිනි තැබූ අතර, ප්‍රහාරයෙන් නෞකාවේ බඳට හානි සිදු වූ අතර තෙල් කාන්දුවක් සිදුවිය හැකි බවට කනස්සල්ල පල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ ගින්නක් ඇති වූ අතර ප්‍රහාරය මුලින්ම වාර්තා වී පැය කිහිපයකට පසු අද(31) අලුයම එය නිවා දැමූ බව ඩුබායි බලධාරීන් පැවසීය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් එක්සත් ජනපදය ඉරානයේ බලශක්ති කම්හල් සහ තෙල් ළිං විනාශ කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාරය සිදුවිය.
අල් සල්මි ටැංකියට එල්ල වූ ප්‍රහාරය, පසුගිය මාසයේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කළ දා සිට ගල්ෆ් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ වෙළඳ නැව්වලට එල්ල වූ ප්‍රහාර මාලාවක නවතම අවස්ථාවයි. මාසයක් පුරා පැවති ගැටුම මැද පෙරදිග පුරා පැතිර ගොස් ඇති අතර, දහස් ගණනක් මිය ගොස්, බලශක්ති සැපයුම් කඩාකප්පල් කර, ගෝලීය ආර්ථිකය අර්බුදකාරී තත්ත්වයකට ඇද දැමීමට තර්ජනය කර ඇත.
කුවේට් ඛනිජ තෙල් සංස්ථාව (KPC) පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වරායේ නැංගුරම් ලා තිබියදී අල් සල්මි නෞකාව ඉරාන ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, එමඟින් යානයේ ගින්නක් සහ වෙනත් හානි සිදු වූ බවත්ය. කුවේට් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය KUNA වාර්තා කළේ අවට ජලයේ තෙල් කාන්දුවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවූ බවයි.
ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇති වූ ගින්න සමුද්‍ර ගිනි නිවන කණ්ඩායම් සාර්ථකව නිවා දැමූ බවත්, තත්ත්වය තක්සේරු කිරීම දිගටම කරගෙන ගිය බවත් ඩුබායි බලධාරීන් පැවසූ අතර, කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවත්, කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනාම ආරක්ෂිත බවත් පැවසීය.

