මිනීමැරුම්, මංකොල්ලකෑම් රැසකට අවශ්‍යව සිටි මිදිගම චූටි ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටියදී අඩංගුවට

0
63

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද (30) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ .

ඔහු මෙරට තුළ මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කීපයකදීම චෝදනාවට ලක් වී සිටින්නෙකි.

මිදිගම චූටි අත් අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේද නිකුත් කර තිබුණි.

ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

පසුව ශ්‍රී ලංකා පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් , ඕමානයේ මස්කට් නුවර වෙත ගොස් අද අලුයම 04.27 ට ස්ලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන ආ මිදිගම චූටි , එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත දැඩි රැකවරණ මධ්‍යයයේ රැගෙන යාමට පියවර ගෙන තිබුණි.