උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් තොග වෙළෙඳපොළට නිකුත් කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
පවතින තෙල් අර්’ බුධයත් සමඟ කුකුළු මස් මිල ඉහළ යාමේ අවදානමක් පැවතිය ද එය රුපියල් 1,250ක මිල යටතේ පවත්වාගෙන යාමට සැලසුම් කර බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේය.
මේ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ ලෝක වෙළෙඳපොළේ සත්ත්ව ආහාර මිල ගණන් සීඝ්‍රලෙස ඉහළ ගොස් ඇති බවය.

