ගායක දුෂ්‍යන්ත් වීරමන්ට අධිකරණය වාරණයක්

0
3

කොළඹ වානිජ මහාධිකරණය විසින් දුෂ්‍යන්ත වීරමන් මහතාට එරෙහිව “නෙලුම් විලෙන් පැන” ගීතය ගායනා කිරිම වාරණය කරමින් වාරණ ආඥාවක් අද (27) නිකුත් කළේය.

එකී ගීතයේ තනු නිර්මාණය සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ රවිහන්ස වැටකේපොත මහතා විසින් මෙම නඩුව දුෂ්‍යන්ත වීරමන් යන අයට එරෙහිව ගොනු කර
තිබුණි.

සියලු කරුණු සලකා බැලු වානිජ මහාධිකරණ විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් මෙම වාරණ නියෝගය දුෂ්‍යන්ත් වීරමන් මහතාට එරෙහිව නිකුත් කරනු ලැබුවාය. තවද පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමද මහාධිකරණය විසින් වාරණය කරන ලදි.

පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කර සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කල නොහැකි හිමිකමක් වන බවත් දුෂ්‍යන්ත් වීරමන් මහතා විසින් පැමිණිලිකරුගේ අවසරයකින් තොරව සිය ගීතයක් වශයෙන් ගායනා කරමින් සිටින බවත් ඔහු විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවත්ය.

නැවත මෙම නඩුව අප්‍රේල් මස 10 වැනිදා කැදවීමට වානිජ මහාධිකරණය නියෝග කරනු ලැබීය.

පැමිණිලිකරු වෙනුවෙන් නිතිකා පාර්ට්නර්ස් නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ නුවන් ගොඩගේ මහතා සමග නීතිඥ සදුන් සේනාධිපති මහතා පෙනි සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here