ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6 දක්වා කල් දැමේ.

0
3

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර දින 10කින් දීර්ඝ කර තිබේ.

ඒ අනුව අප්‍රේල් 6 දක්වා එය කල් දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව ඔහු සිය ‘truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

ඉරානයේ ඉල්ලීමක් මත මෙම තීරණය ගත් බවත් එහි දැක්වේ. එමෙන්ම දෙපාර්ශ්වය අතර සාකච්ඡා “ඉතා හොඳින් සිදුවන” බවත් ඔහු එහි සඳහන් කර ඇත.

පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ලකරන බවට ජනපති ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ඉරානයට තර්ජනය කර තිබුණි.

එවන් පසුබිමක එම කාලසීමාව ඔහු දෙවරක් මෙලෙස දීර්ඝ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here