හිටපු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අලිරේසා ඩෙල්කොෂ් මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයට අනුව, රැස්වීම අතරතුර, සිරිසේන මහතා ඉරානයේ ඉස්ලාමීය විප්ලවයේ දිවි පිදූ උත්තරීතර නායකයාට උපහාර දැක්වීය.
ඉරාන ජනතාව සමඟ සිරිසේන මහතා සිය සහයෝගීතාවය නැවත තහවුරු කළ බව තානාපති කාර්යාලය තවදුරටත් පවසයි.

