හිටපු ඇමැතිවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන ඉම්තියාස් බාකිර් මාකර් මහතා විසින් රචිත “මා අකමැතිව සිටි ජේ. ආර්.” කෘතිය එළිදැක්වීම මෙම මස 30 වැනිදා සවස 4.15 ට කොළඹ 07, ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී සිදුකෙරේ.
සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රණය කර ඇති මෙම කෘතිය පිළිබඳව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් එදින විචාර ඉදිරිපත් කරනු ඇත.
ඒ අනුව සිංහල සංස්කරණය පිළිබඳව විචාරය ආසියානු කලාපීය මාධ්‍ය සහයෝගීතාවයේ කලාප උපදේශක ආචාර්ය රංග කලන්සූරිය, දෙමළ සංස්කරණය පිළිබඳ විචාරය එක්සත් රාජධානියේ ඉස්ලාමීය පදනමේ සභාපති ආචාර්ය අර්.මුස්තාෆා,ඉංග්‍රීසි සංස්කරණය පිළිබඳ විචාරය දේශපාලන ක්‍රියාකාරී රෙහාන් ජයවික්‍රම යන මහත්වරු විසින් සිදු කිරීමට නියමිතය.

