සාම සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවට අමෙරිකාව අනතුරු අඟවයි.

0
6

සාමයට කැමැත්ත පලකරන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසන්නේ, මේ මොහොතේ ඉරානය යථාර්ථය පිළිගැනීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට පෙර කිසිදා නොවුවිරූ ලෙස ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවය.

ධවල මන්දිරයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී එක්සත් ජනපද සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට ඉරානය කටයුතු කළහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ දිනයේ දී සටන් විරාම කොන්දේසී ප්‍රකාශයට පත්කරනු ලැබීය.

අදාළ සටන් විරාමය සඳහා කොන්දේසී 15ක් අමෙරිකාව විසින් ඉරානයට ඉදිරිපත් කර ඇති අතර එම කොන්දේසීවලට කැමැත්ත පල කරන්නේ නම් සටන් විරාමයකට සූදානම් බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් අදාළ සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කරන ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරගච් ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට ඉරානය අදහස් නොකරන බවය.

අමෙරිකා එක්සත් ජනපදය විසින් මැදිහත්කරුවන් හරහා විවිධ පණිවුඩ යොමුකළ ද ඉරානයට අවශ්‍ය වන්නේ ස්ථීර අවසානයක් බව ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here