එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හදිසියේ රැස්වෙයි.

0
5

මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘දුර්ලභ සහ හදිසි’ විවාදයක් මේ වනවිට ජිනීවාහිදී පැවැත්වෙයි.

ඒ, ඉරානය විසින් සිය පොදු ගොඩනැගිලි සහ ප්‍රධාන බලශක්ති යටිතල පහසුකම්වලට සිදුකරන ප්‍රහාර හෙළා දකිමින් බහරේන් සහ ගල්ෆ් රාජ්‍යයන් සිදු කළ ඉල්ලීමට අනුවය.

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (25) දින 26කි.

මෙවන් පසුබිමක ඊශ්‍රාලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට ද ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එමෙන්ම අමෙරිකාව විසින් හමුදා භටයින් 2,000ක් පමණ මැදපෙරදිග කලාපය වෙත යොමු කර ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

අමෙරිකාව සහ ඊශ්‍රාලය විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ ඇති අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.

එමෙන්ම ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර සතුරු නොවන නැව් සඳහා එය විවෘත කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

ඒ අනුව මෙම ‘දුර්ලභ සහ හදිසි’ විවාදයේදී ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ පොදු ගොඩනැගිලි සහ ප්‍රධාන බලශක්ති යටිතල පහසුකම්වලට සිදුකරන ප්‍රහාර මෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබීම සම්බන්ධයෙන් විවාද කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here