ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට රාජ්‍ය ආයතන වලට මාර්ගෝපදේශ මාලාවක්

0
11
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ දී බාධා මතුවිය හැකි බැවින් දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇත.
 
තනි තනි වාහන වෙනුවට පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද.
 
රැස්වීම් හා සාකච්ඡා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකිරීම.
 
සියලු ලිපිලේඛන E-mail හෝ Whattsapp කිරීම.
 
හැකි සෑමවිටම Sky lights භාවිත කිරීම.
 
වායු සමීකරණ වෙනුවට විදුලි පංකා භාවිතය.
 
උදෑසන කාලයේ ජනෙල් විවෘත කිරීම සහ පැය 1ක් හෝ 2ක් වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කිරීම හා වායු සමීකරණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 හෝ ඊට වැඩි අගයක් පවත්වා ගැනීම අනිවාර්යය වේ.
 
අධි ආරක්ෂක හා ආරක්ෂිත කලාප මාර්ගවල හැර සියලුම මාර්ගවල විදුලි පහන් නිවාදැමීම.
 
විදුලි සෝපානය වෙනුවට හැකිතාක් පියගැටපෙළ භාවිත කිරීම.
 
තාක්ෂණික පහසුකම් පවතී නම් කාර්ය මණ්ඩල කාර්යාලයට නොකැඳවා ඔන්ලයින් සේවය ලබාගැනීම.
 
නියමිත රාජකාරි වෙලාවෙන් පසුව හා සතිඅන්තයේ කාර්යාල වසා තැබීම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here