ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
සභාපතිවරයා ඊයේ රාත්‍රි 11.40ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවත් සඳහන් වේ.
දිවයිනට පැමිණි ඒ මහතාව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් කටුනායක ගුවන් තොටුපළේදී පිළිගනු ලැබීය.
මේ සම්බන්ධව සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයෙන් යථා තත්ත්වයට පත්වීම සහ තිරසාර වර්ධනයක් කරා සංක්‍රමණය වන තීරණාත්මක මොහොතක තමන් ශ්‍රී ලංකාවට පැමිණි බවය.
එමෙන්ම මෙරට යටිතල පහසුකම් සහ සම්බන්ධතාවය ශක්තිමත් කිරීම, ආයෝජන බලමුළු ගැන්වීම මගින් ශ්‍රී ලංකාවේ සංක්‍රාන්තියයට සහාය වෙමින් සිටින බවත් ඉදිරි දින කිහිපය තුළ මෙම ප්‍රමුඛතා සමග එක්ව ඉදිරියට ගෙන යාමට තමන් බලාපොරොත්තු වන බවද සිය සටහනේ සඳහන් කර ඇත.

