යුද්ධය අවසන් කිරීම සලකා බලමින් සිටින බව ජනපති ට්‍රම්ප් කියයි.

0
2

ඉරානයට එරෙහි යුද්ධයේදී තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අමෙරිකාව ඉතා සමීපයට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ අනුව සිය හමුදා මෙහෙයුම් අවසන් කර යුද්ධය අවසන් කිරීම සලකා බලමින් සිටින බව ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් පවසා ඇත.

ඉරානයේ යුද ශක්තිය බිඳ දැමීම ඇතුළු ජයග්‍රහණ මාලාවක් අත්කරගත් බවත්, ඉරාන මිසයිල හැකියාව සම්පූර්ණයෙන්ම බිඳහෙළු බවත් ඔහු එහි සඳහන්කර ඇත.

එමෙන්ම ඉරානයේ යුධ උපකරණ නිපදවන කඳවුරු විනාශ කිරීමට හැකිවූ බවත්, ඒ හේතුවෙන් ඉරානය කිසි විටෙකත් න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ නොකරනු ඇති බවත් ඔහු සිය සටහනේ වැඩිදුරටත් පවසා තිබේ.

තවද සිය රට මැදපෙරදික කලාපයේ සිය මිත්‍රයන් වන ඊශ්‍රායලය, සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට් සහ අනෙකුත් රටවල් ඉරාන තර්ජනවලින් සුරක්ෂිත කර ඇති බවත් එහි සඳහන් කර ඇත.

කෙසේ නමුත් අදාළ සටහනේ ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතා කරන අනෙකුත් රටවල් එය ආරක්ෂා කිරීමේ වගකීම භාර ගතයුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here