ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක්පා ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.
මෙම හමුවේදී මැදපෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් මතුවී තිබෙන බලශක්ති අර්බුදය සහ එය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට මෙන්ම ආර්ථිකයට ඇති කරන බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම, එම අර්බුදයට මුහුණ දීම සඳහා රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා විසින් පක්ෂ නායකයින්ට පැහැදිලි කර ඇත.
මෙම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රාවුෆ් හකීම් මහතා, මනෝ ගනේෂන් මහතා ඇතුළු පක්ෂ නායකයින් රැසක් සහභාගී වූහ.

