98 වැනි ඇකඩමි එනම් ඔස්කාර් සම්මාන රාත්රිය අද (16) අළුයම අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේ දී පැවැත්විණි.
හොලිවුඩ් සිනමා ක්ෂේත්රයේ ප්රවීණයන් ඇගයීමට ලක් කෙරෙන ඔස්කාර් සම්මාන උලෙළේ මෙවර වැඩි ගෞරව දිනාගත්තේ හොඳම සිනමාපයට සහ හොඳම අධ්යක්ෂ වරයාට හිමි සම්මාන ද්විත්වය ඇතුළු සම්මාන 6ක් දිනාගත් ලියනාර්ඩෝ ඩිකැප්රියෝගේ රංගනයෙන් රසවත් වූ ‘One Battle After Another’ සිනමාපටයයි.

මෙවර සම්මාන උලෙළේ හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය සිනර්ස් සිනමා පටයේ ද්විත්ව රංගනයක නිරත වූ මයිකල් බී ජෝර්ඩන් වෙත හිමිවිය.

හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය හිමිවුණේ ‘Hamnet’ සිනමාපටයේ විශිෂ්ට රංගනයක නිරත වූ ජෙසී බක්ලේ වෙතය.

මෙහිදී හොඳම සහාය රංගන ශිල්පිනියට හිමි සම්මාන වෙපන්ස් සිනමාපටයේ රඟපෑ ඇමී මැඩිගන් වෙත හිමිවුණා.

ඇය මෙලෙස ඔස්කාර් සම්මානයට නිර්දේශ වූයේ වසර 40කින් පසු පළමුවරටයි.
හොඳම සහාය රංගන ශිල්පියා බවට පත්වූයේ වන් ‘One Battle After Another’ රංගනයේ නිරතවූ ෂෝන් පෙන්.
මේ අතර දකුණු කොරියානු නිෂ්පාදනයක් වන කේ පොප් ඩීමන් හන්ටරස් සිනමාපටය වසරේ හොඳම සජීවීකරණ සිනමාපටය බවට පත්වෙද්දී, හොඳම ගීතයට හිමි සම්මානය පිරිනැමුණේ එහි එන ගෝල්ඩන් ගීතයටයි.

