අද සිට ඉන්ධන මිල දී ගැනීම සඳහා QR කේත ක්‍රමය බලාත්මක කරයි.

0
2

මැද පෙරදිග ඇති වී තිබෙන යුදමය තත්වය නිසා දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපණ වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීමත් හේතුවෙන් අප සතුව පවතින තෙල් සංචිත රටේ ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට ප්‍රවේසම්කාරී ලෙස කළමනා කරණය කළ යුතුව ඇති බව බලශක්ති අමාත්‍යාංශය දැනුම්දෙයි.

වර්ධනය වී ඇති අසාමාන්‍ය ඉල්ලුමට ප්‍රධාන හේතුව වශයෙන් ඇතැම් පිරිස් විසින් අනීතික ලෙස ඉන්ධන තොග රැස් කිරීමේ ජාවාරම්වල නිරත වීම හඳුනා ගනු ලැබ තිබේ. එබැවින්, ජාවාරම්කරුවන්ගේ මෙම ක්‍රියාවන් මැඩපවත්වමින් සාමාන්‍ය ජන ජීවිතය සහ රටේ ආර්ථික කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාම තහවුරු කිරීම රජයේ අපේක්ෂාවයි.

ඒ අනුව, අද.(15) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල දී ගැනීම සඳහා QR කේත ක්‍රමය බලාත්මක කරනු ලැබේ.

 අද දින උදෑසන 6.00 සිට QR කේතය නොමැතිව කිසිදු ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන නිකුත් කරනු නොලැබේ.

QR කේතය ලබාගන්නා ආකාරය:

1. පෙර QR කේතය ලියාපදිංචි කළ අය:

i. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, 2026.03.14 මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබට හිමි කේතය භාගත (Download) කරගත හැකිය.

ii. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්,

2. පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) අලුතින්ම ලියාපදිංචි කරන ලද වාහන:

i. 2026.03.15 දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබ ලියාපදිංචි විය යුතුය.

එක් එක් වාහන කාණ්ඩ සඳහා සතියකට ඉන්ධන ලබා දෙන ඉන්ධන ලීටර ප්‍රමාණ ඇමුණුමේ සඳහන් ව ඇත.

රටේ නිෂ්පාදන කාර්යයන් හා අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය වන රථවාහන සේවා සඳහා අදාල ආයතන එක්ව විශේෂ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කෙරේ.

මේ නිසා අද උදෑසන සිට ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here