මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් ඉෆ්තාර් උත්සවයක් පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන දේශනය ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මහතා විසින් සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම උත්සවය සඳහා ග්ලෝබල් ඉහ්ෂාන් රිලීප් ආයතනය අනුග්‍රහය ලබාදී තිබුණි.


