පෙන්ටගනය විසින් මැදපෙරදිග කලාපය වෙත මැරීන් ගවේෂණ ඒකකයක් එවයි.

0
4

පෙන්ටගනය විසින් මැදපෙරදිග කලාපය වෙත මැරීන් ගවේෂණ ඒකකයක් (Marine Expeditionary Unit – MEU) යෙදවීමට සූදානම් බව විදෙස් පුවත් සේවා පවසයි.

එහි සාමාන්‍යයෙන් මැරීන් භටයින් සහ නාවිකයින් 2,500ක් පමණ සමන්විත ක්ෂණික ප්‍රතිචාර බලකායක් සිටියි.

මෙම ඒකකය කුමන කාර්’යයක් සඳහා යොදවන්නේද නැතහොත් ඔවුන් හරියටම ස්ථාපනය කරන්නේ කොහේද යන්න මෙතෙක් පැහැදිලි නොමැත.

එහෙත් සාම්ප්‍රදායිකව මෙම බලකායන් මහා පරිමාණ ඉවත් කිරීමේ මෙහෙයුම් (evacuations) සහ වැටලීම් හා ප්‍රහාර ඇතුළත්, නැවක සිට ගොඩබිමට සිදුකරන මෙහෙයුම් (amphibious operations) සඳහා භාවිතා කරනු ලැබේ.

ඔවුන් සතුව ගොඩබිම් සහ ගුවන් සටන් අංශ පවතින අතර, ඇතැම් ඒකක විශේෂ මෙහෙයුම් සඳහාද පුහුණුව ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here