ඊශ්‍රායලයට සහ ඉරානයට නව තානාපතිවරුන් පත් කිරීමට අනුමැතිය.

0
6

ඊශ්‍රායලයට සහ ඉරානයට නව තානාපතිවරුන් පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම් කරන ලද යෝජනාවට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වෙයි.

ඒ අනුව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස එස්. කේ. චන්ද්‍රසිරි මහතා ද ඉරානයේ තානාපති ලෙස මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි මහත්මිය ද පත් කර ඇත.

ඊට අමතරව තවත් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් අට දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

ඒ අනුව දර්ශන එම්. පෙරේරා මහතා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත ලෙස ඩී.එම්.එස්.පී. දසනායක මහතා පත් කිරීමට පියවර ගෙන ඇත.

දයානි මෙන්ඩිස් මෙනෙවිය පත් කර ඇත්තේ, ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත ලෙසිනි.

එස්.පී.ඩබ්ලිව්. පතිරණ මහතා රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එන්.අයි.ඩී. පරණවිතාන මෙනෙවිය ඉතියෝපියාවේ සහ අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත ලෙස පත් කිරීමට පියවරගෙන තිබේ.

ධම්මික ප්‍රනාන්දු මහතා කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙසත් අනුර විතානගේ මහතා ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ලෙසත් පත් කර ඇත.

එම්. ෆාරුක් එම්. ෆවුසර් මහතා පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here