ලංකා ඊ.නිවුස් වෙබ් අඩවියේ කර්තෘ දොන් ප්‍රදීප් සදරුවන් සේනාධීර අත් අඩංගුවට

0
10
ලංකා ඊ.නිවුස් වෙබ් අඩවියේ කර්තෘ දොන් ප්‍රදීප් සදරුවන් සේනාධීර , එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත භාර දී තිබේ.
ඒ ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් මත ඊයේ (11) පස්වරු  ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පිරිසක් විසිනි.
මොහු එංගලන්තයේ මෙන්ම අංක 844 , දහම් මාවත , තලංගම උතුර , තලංගම යන ලිපිනයෙහි ද පදිංචි , ද්විත්ව පුරවැසිභාවය හිමි 64 හැවිරිදි පුද්ගයෙකි.
ඔහු ඊයේ (11) පස්වරු 01.25 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහුට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාග වන 294/9 දරන නඩුවට අදාළව ගුවන් ගමන් තහනමක් පනවා තිබුණි.
කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ රදවා ඇති මොහු , මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා  කොළඹ , කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here