උතුරුමැද පළාත් සභාවේ අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට නිර්දේශ

0
4

2011 සහ 2012 වර්ෂවලදී ඇතිවූ ගංවතුරෙන් හානියට පත් මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කිරීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට සැක කෙරෙන උතුරුමැද පළාත් සභාවේ වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) විසින් උතුරුමැද පළාත් සභාවේ නිලධාරීන්ට පසුගියදා නිර්දේශ කරන ලදී.

2011 සහ 2012 වර්ෂවලදී ඇතිවූ ගංවතුරෙන් හානියට පත් මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කිරීමේදී උතුරුමැද පළාත් සභාව විසින් අක්‍රමිකතා සිදුකළ බවට විගණකාධිපති වාර්තා මගින් ඉදිරිපත් කරන ලද විගණන විමසුම් සම්බන්ධයෙන් 2025 ජුනි 18 වන දින පැවති කෝපා කමිටු රැස්වීමේදී දීර්ඝ ලෙස කරුණු අනාවරණය විය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා (03) පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම්ම හතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබා දීම සිදුවිය. 2025 ජුනි 18 වන දින පැවති කෝපා කමිටු රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා උතුරුමැද පළාත් සභාව මෙම රැස්වීමට කැඳවා තිබිණි.

මෙහිදී නිලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ, එම වංචාවට සම්බන්ධ නිලධාරීන් දස දෙනාගෙන් අයකර
ගැනීමට නියමිතව තිබූ මුදල් තවමත් අයකර ගෙන නොමැති බවත්, ඔවුන්ගෙන් සමහරක් දැනට
ජීවතුන් අතර නොමැති බවත්, අනෙක් අයගෙන් මුදල් අයකර ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වී ඇති බවත්ය. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය කමිටුව මෙහිදී
අවධාරණය කළේය. මීට අමතරව, පලුගස්දමන මහා විද්‍යාලය සඳහා ශ්‍රවණාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිමනොකර අතහැර දමා තිබීම පිළිබඳව ද කරුණු විමසන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ගෙවීම් කරන ලද මුදල් අයකර ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මෙහිදී අවධානයට ලක් විය.

මෙම ව්‍යාපෘතිය සිදු කළ කොන්ත්‍රාත්කරු අසාදු ලේඛනගත කිරීමේ අවශ්‍යතාවය කමිටු සාමාජිකයින් PS/COM/MED/11/PR/26/Mar/S/06 Parliament of Sri Lanka @ParliamentLK @slparliament Parliament of Sri Lanka පෙන්වා දුන් අතර මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශනයක් පවත්වා මාසයක් ඇතුළත කෝපා කමිටුවට වාර්තාවක් ලබා දෙන ලෙස කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.

තවද, උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ගුණාත්මක වාර්තා
චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහා වූ රුපියල් 15,797,500 ක කොන්ත්‍රාත් මුදලින් රුපියල්
12,144,500 ක් ගෙවා ඇතත්, කොන්ත්‍රාත් සමාගම විසින් කිසිදු වීඩියෝවක් භාර දී නොමැති වීම
පිළිබඳවත් අවධානය යොමු විය. අදාළ සමාගම සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ බව නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස කමිටුව විසින් උපදෙස් දෙන ලදී.

පොළොන්නරුව පොදු වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අසම්පූර්ණ ලෙස නිම කිරීම පිළිබඳවද
අවධානය යොමු විය. කොන්ත්‍රාත්කරුවෙකු වෙත විශාල මුදලකට ලබා දෙන ලද මෙම ව්‍යාපෘතිය
නිසි පරිදි නිම කර මහජනතාවට භාර දී නොමැති නිසා රටට විශාල පාඩුවක් සිදු ව ඇති බව
විගණකාධිපතිවරිය මෙහිදී පෙන්වා දුන්නාය. පලුගස්දමන මහා විද්‍යාලය සඳහා ශ්‍රවණාගාරය
ඉදිකිරීමට සම්බන්ධ වූ එම කොන්ත්‍රාත්කරුටම මෙම වෙළඳ සංකීර්ණයේ කොන්ත්‍රාත්තුව ද ලබාදී
තිබුණි. එබැවින්, මෙම කොන්ත්‍රාත්කරු අසාදු ලේඛනගත කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම කාරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුළත කමිටුවට වාර්තා කරන ලෙස දකමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය. ඊට අමතරව, උතුරු මැද පළාතට දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද ත්‍රිපෝෂ පැකට් නියමිත වේලාවට නොලැබීමත්, කල් ඉකුත් වී තිබූ ත්‍රිපෝෂ පැකට් දුම්රිය දෙපාර්තමේන්තුවේ ගබඩාවේ තිබීමත්, ඇතැම් පැකට් අස්ථානගත වී තිබීමත් කමිටුවේ අවධානයට ලක් විය. මෙම ත්‍රිපෝෂ පැකට්වල වටිනාකම රුපියල් 1,094,657ක් බව ද අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් පළාත් සභාව මගින් පරීක්ෂණයක් පැවැත්වූ බවත් ඒ සඳහා
සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්ව සහභාගීකර ගැනීමට නොහැකි වූ බවත්
විමර්ශන වාර්තාවේ සඳහන් කර ඇති බව නිලධාරීහු ප්‍රකාශ කළහ. මෙහිදී
කෝපා කමිටු සභාපතිවරයා නිර්දේශ කළේ මෙම කාරණය සම්බන්ධයෙන්
අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, අමාත්‍යාංශ මට්ටමින්
පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රතිඵල කමිටුවට වාර්තා කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here