ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ එහි සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට යාත්‍රා එම ස්ථානයට ළඟාවෙමින් පවතින බවයි.
මේ අතර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

