විස්සයි20 ලෝක කුසලානය – පළමු අවසන් පූර්ව තරගය අද

0
8

මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී අද (04) පැවැත්වේ.

ඒ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතරය.

මෙරට වේලාවෙන් එම තරඟය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.

මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව මූලික වටයේදී ඩී කාණ්ඩයෙන් තරග වැදුණු අතර ඔවුන් එහිදී සහභාගි වූ තරග 4ම ජය ගනිමින් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

සුපිරි අට දෙනාගේ වටයේද සිය ජයග්‍රාහී රිද්මය එලෙසින්ම පවත්වාගත් දකුණු අප්‍රිකාව එම වටයේ පළමු කාණ්ඩයෙන් තරග වැදුණු අතර එම වටයේද සහභාගි වූ තරග 3ම ජය ගනිමින් ඔවුන් අපරාජිතව අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගත්තේය.

මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි එකම අපරාජිත කණ්ඩායම වන්නේද දකුණු අප්‍රිකාවයි.

නවසීලන්තයද මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඩී කාණ්ඩයෙන් තරග වැදුණු අතර ඔවුන් මූලික වටයේ සහභාගි වූ තරග 4න් තරග 3ක් ජය ගනිමින් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here