මෙරටින් මැද පෙරදිගට යන ගුවන් ගමන් තවදුරටත් අවලංගුයි

0
58

මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර සියල්ලම තවදුරටත් අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

යුද ගැටුම් ඇරඹුණු පසුගිය 28 වැනි දින සිට මේ දක්වා මැද පෙරදිග සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සහ මෙරටින් මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 115ක් අවලංගු වී ඇති බවද ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය.