නීතිඥ මාර්ස් එල්. යූසුෆ්

“මිනිසුන් කියන දෙයට නොව ඔවුන් කරන දෙයට වැඩියෙන් අවධානය යොමු කරන්න” -ඩේල් කානෙජි
අප රට තුල ජාතිවාදය සහ එහි ආකල්පවල නපුර පවතින තාක් කල්, සිරිලක කිසිදාක සමෘද්ධිමත් සාමකාමී දේශයක් වන්නේ නැති බව පුරවැසියන් වශයෙන් අප තේරුම් ගත යුතුය.
‘අන් අයට’ එරෙහිව කටයුතු කිරීම යනු මිනිස් සත්වයා සතු සහජ මානව ලක්ෂණයක්ය යන අමිහිරි සත්‍යය සමාජ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත. ඒ අනුව, ජාතිවාදය යන ස්වාභාවික මිනිස් හැගීම සිංහල ජනතාවට පමණක් තිබේය යැයි තර්ක කිරීම අසාධාරණ වනු ඇත. මෙම ආකල්පය දෙමළ සහ මුස්ලිම්වරුන් අතරද තිරයට මුවාව හෝ තිබෙනුවාට සැකයක් නැත. නමුත් වෙනස වන්නේ එවැනි ආකල්පවල විෂය පථය සහ ප්‍රමාණය සිංහල ජනතාවගේ ඇතැම් කොටස් තුළ වඩාත් කැපී පෙනෙන්නට ඇති බවයි. එහි සහජ ස්වරූපයෙන් මෙන් නොව, නූතන ජාතිවාදය යනු බලය, අසමානතාවයන්, ආධිපත්‍යය සහ වෙනස්කම් කිරීම මත ගොඩනගා ඇති බැවින් එය මඳක් වෙනස්ය. මේ සඳහා වන හේතු බහුවිධ සහ අන්තර් සම්බන්ධිතය. සිංහල ජනගහනය බහුතරයක් වීම, සිංහල වාර්ගික-ජාතිකවාදය,ිසිංහල බෞද්ධ’ කථිකාවත, සිංහලයන් විසින් සිදු කරනු ලබන ආන්දෝලනාත්මකිඓතිහාසික’ ප්‍රකාශ, භික්ෂූන් පන්සල් භාවිතා කිරීම සහ අවභාවිතා කිරීම, වහල් දේශපාලන මානසිකත්වය ආදිය මෙයට ඇතුලත් වෙයි.
අනුරගේ පොරොන්දුව
මැතිවරණවලට පෙර සහ පසු ජාතිවාදය පිළිබඳ ජනාධිපති අනුර දිසානායක සිදු කළ කතා කිසිසේත් විවේචනය කළ හැකි ඒවා නොවේ. දශක ගණනාවක් තිස්සේ මේ ජාතිය ආපස්සට ඇද දැමූ පිළිකාවක් වන ජාතිවාදය මට්ටු කිරීමට ඔහු දැක්වු අවංක උනන්දුව අප අගය කරමු. කෙසේ වෙතත්, හුදෙක් කථා පමණක් ප්‍රමාණවත් නොවේ. වෙනස දැනීම සඳහා මෙම අදිටන් මැනිය හැකි ස්ථිරසාර ක්‍රියාමාර්ග සහ ස්ථාවර බලාත්මක කිරීම්ද තිබිය යුතුය.
ජාතිවාදය සහ ජාතිවාදී ආකල්ප පැතිරීම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූවක් නොවේ. එක්සත් ජනපදය, යුරෝපය, ඕසටේ්‍රලියාව සහ ආසියානු මහාද්වීපයේ – විශේෂයෙන් ඉන්දියාවේ – විවිධ ස්වරූපවලින් ජාතිවාදය දැකිය හැකිය. විශේෂයෙන් එක්සත් ජනපදයේ පැවති ආයතනික වහල්භාවය සහ කොන් කිරීම, දකුණු අප්‍රිකාවේ පැවති වර්ණභේදවාදය සහ යටත් විජිතවාදී බි්‍රතාන්‍ය අධිරාජ්‍යය විසින් නිර්මාණය කරන ලදිබෙදා පාලනය කිරීමේ’ රුදුරු සංකල්පය මෙහි අතීත ස්වරූපයන්ය.
අප රටේ සන්දර්භය තුළ, මෙම කාරනාව 1972 සහ 1978 ව්‍යවස්ථාමය විධිවිධාන මගින් බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය සහ රාජ්‍ය ආරක්ෂාව ලබා දීම මගින් ශක්තිමත් කරන ලද සිංහල බෞද්ධ බහුතර ආගමික-දේශපාලන චින්තනය දක්වා පරිණාමය විය.
මහාචාර්ය නිහාල් ජයවික්‍රම මහතාිබුද්ධාගම සඳහා විශේෂ තත්වයක් නිර්මාණය කිරීමෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිවරුද්ධ කාණ්ඩයක් නිර්මාණය කර ඇති අතර මෙය බහුත්වවාදී සමාජයක අන් අයට වෙනස්කම් කිරීමට සහ සමානාත්මතාවයේ මූලික මූලධර්මයට හානි කිරීමට මග පාදනු ඇත’ යැයි අදහස් පළ කළේය.
ප්‍රායෝගිකව බුද්ධාගමට එවැනි විශේෂ ස්ථානයක් ලබා දීමට රජය කටයුතු කරන විට එය ගැටුමකට මං සලසනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. (1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාණය සහ අන්තර්ගතය පිළිබඳ පරාවර්තන: අභ්‍යන්තරිකයෙකුගේ ඉදිරිදර්ශනය).
ජාතික ජනබලවේග රජය 9 වන වගන්තිය අහෝසි කරනු ඇතිද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත වන මෙම වගන්තිය සුළුතර පුරවැසියන්ට එරෙහි බහුතරවාදී ජාති(ක)වාදයට සහ පරිපාලන පක්ෂග්‍රාහීත්වයට නීතිමය වලංගුභාවයක් ලබා දෙයි. පළමු පියවර ලෙස, පුරවැසියන් අතර සමානාත්මතාවය ඇති කිරීම සඳහා වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය අහෝසි කිරීම වත්මන් ජාතිකජන බලවේග රජය සලකා බලනු ඇතිද?
ඔවුන්ගේම පාපොච්චාරණය අනුව එය සිදු වීම ඉතා දුරස්ත බව පෙනේ. 2016 දී, එවකට රජය විසින් නව ව්‍යවස්ථාවක් සෑදීම සඳහා මුළු සභාවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පරිවර්තනය කළ විට, 9 වන වගන්තිය සලකා බලන ලදී.
මේ සම්බන්ධයෙන් සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන විසින් අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලදී. එසේ වුවද අනාගමික ව්‍යවස්ථාවක් තිබිය යුතු යැයි සහ කිසිදු ආගමකට රාජ්‍ය අනුග්‍රහයක් නොතිබිය යුතය යැයි කවදත් අවධාරණය කරමින් සිටි ජනතා විමුක්ති පෙරමුණ 9 වන වගන්තිය සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කළේ නැත. මෙහි සැලකිය යුතු කරුණ නම්, විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක පැවසුවේ 9 වන වගන්තිය වෙනස් කිරීමට පක්‍ෂ වීම මගින් තම දේශපාලන ස්ථාවරත්වය අවදානමට ලක් කරන්නට රජය හෝ බලයේ සිටින කිසිදු පක්ෂයක් කටයුතු නොකරනු ඇති බවයි. (ව්‍යවස්ථාදායක සභාව (නිල වාර්තාව, 2017 ඔක්තෝබර් 30), 83-84).
සිංහල දේශපාලනඥයන් නිර්මාණය මෙම කළ මෙම අවස්ථාවාදී ජාතිවාද ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය වී ඇත්තේ බලයට පත් වන සියලුම රජයන් ජාතිවාදී භික්ෂූන්ගේ නිරන්තර ග්‍රහණයට දේශපාලනිකව හසුව සිටීමයි.
වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කරමින් ත්‍රිකුණාමලයෙහි 2025 නොවැම්බර් මස තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමාවක් පොලිසිය විසින් ඉවත් කිරීම සැලකිය යුතු වාර්ගික නොසන්සුන්තාවයක් ඇති කළේය. මේ සම්බන්ධව පොලිසිය විසින් භික්ෂූන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා තැබීමද පූජක පක්ෂ නයෙකත්වයේ හෙළා දැකීමට ලක් විය. නීති විරෝධි ක්‍රියාවකට බොෟද්ධ භික්ෂූන් සම්බන්ධ වන්නේ නම්, ඔවුන්ට 9 වන වගන්තියේ හයිය මත විශේෂ සැලකිල්ලක් දැක්වීම බලාපොරොත්තු වන බව මෙම සිදුවීම පෙන්වා දෙයි. සංඝයා මෙම වගන්තිය සම්බන්ධව දීර්ඝ අර්ථකථන් සපයන අතර නීතියට ඉහළින් වරප්‍රසාදද ඔවුන් අපේක්ෂා කරති.
මේ ගැන ජනපති දැනුවත්ද?
මේ සැම බලන කල 9 වන වගන්තියේ වෙනසක් සිදුවෙතැයි බලාපොරොත්තු තැබිය නොහැකිය. බලයට පත් කරන්නට රජයට ඡන්දය දුන් අයට සහ පොදුවේ පුරවැසියන්ට ජනාධිපති දිසානායක මේ සම්බන්ධයෙන් කුමක් කරනු ඇති දැයි අපේක්ෂා කළ හැකිද? අවම වශයෙන් බලාපොරොත්තුව වන්නේ ජනාධිපති දිසානායක තමා කතා කරන දේ දැන සිටිය යුතුය යන්නයි.ිකිසිම ආකාරයකින් ජාතිවාදය නැවත හිස එසවීමට අපි කිසි විටෙකත් ඉඩ නොදෙමු’ යනුවෙන් අනුර දිසානායක පැවසු විට ඔහුගේ අවංකභාවය ගැන අපි සැක නොකළෙමු. නමුත් යතාර්ථය නම් ජාතිවාදය කිසි විටෙකත් තුරන් කළ නොහැකි බවයි. කළ හැක්කේ එය සැලකිය යුතු ලෙස අඩු කිරීම පමණි.
මෙම විෂයයෙහි අර්ථවත් ප්‍රගතියක් අත්කර ගන්නට නම් විවිධ ප්‍රජා මට්ටම්වල තිරසාර මැදිහත්වීමක් අවශ්‍ය වෙයි. තාර්කික රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය, සියලු ජනකොටස් ආවරණය කිරීම සහතික කිරීම සඳහා ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම, වෙනස්කම් දැක්වීමවලට එරෙහි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ බැහැර කිරීමේ ඓතිහාසික ආඛ්‍යාන විවේචනාත්මකව නැවත පරීක්ෂා කරනා අතරම බහුත්වවාදය ප්‍රවර්ධනය කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආදිය මෙයට ඇතුලත් වෙයි.
ශ්‍රී ලාංකික සන්දර්භය තුළ, සමානාත්මතාවය පිළිබඳ ඇතැම් නීතිමය සහ ව්‍යවස්ථාමය සහතිකයන් පවතින බව සැබෑය. එනමුත් මෙම සහතික ක්‍රමානුකූලව සහ ව්‍යුහාත්මකව පරිවර්තනීය ආකාරයකින් ක්‍රියාත්මක කර ඇති ප්‍රමාණය පරීක්ෂාවට ලක් කිරීම ප්‍රයෝජනවත්ය. ජාතිවාදයට එරෙහිව නාම මාත්‍ර ලෙසින් හඬනැගීම මගින් හෝ ජාතිවාදි සිදුවීම් එකක් දෙකක් පමණක් මර්දනය කිරීමෙන් නියම ප්‍රතිපත්තිමය වෙනසක් ඇති වන්නේ නැත.
උස්පහත්කම් නොකඩවා පවතියි
අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකියාවේ විෂමතා, ආරක්ෂක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වාර්ගිකව සලකනු ලැබීම, දේශපාලන නියෝජනය සහ පාලන කටයුතුවලදී සුළුතරය කොන් කිරීම වැනි දේ අඛණ්ඩව සිදු වනු දැනුත් දැකිය හැකිය.
මෙලෙසින් ජාතිවාදයේ ප්‍රධාන ධාවකයන් කිහිපයක් පහත පරිදි වර්ගීකරණය කළ හැකිය:
දේශපාලනය – සුළු ජාතික ජනවිකාස, සංස්කෘතික ආදිය ආරක්ෂක තර්ජන ලෙස හුවා දක්වමින් ජනකොටස් ඈත් කර දැමීම.
ආර්ථිකය – ඇතැම් සුළු ජාතීන් ආර්ථිකයේ යම් යම් අංශවල ආධිපත්‍යය දරන බවට බියක් ඇති කිරීම සඳහන් කළ හැකිය. එවන් සමාගම්වල නිෂ්පාදන වර්ජනය කිරීමට උනන්දු කරනු ලබමින් සුළුතරය ආර්ථිකයට ලබා දෙන දායකත්වය අවතක්සේරු කරනු ලැබේ.
භික්ෂූන් – අවස්ථාවාදී රැඩිකල් බෞද්ධ භික්ෂූන් තමන්ගේම හෝ යමෙකුගේ කොන්ත්‍රාත්තු පරිදි ක්‍රියා කරමින් තමන් අඳින සිවුරට බෞද්ධයන් දක්වන අන්ධ භක්තියේ අයුතු ප්‍රයෝජන ලබති.
ආගම – නව වන වගන්තිය ව්‍යවස්ථානුකූලව බුද්ධාගම වරප්‍රසාදිත තත්වයකට අඛණ්ඩව උසස් කරමින් අනෙකුත් ආගමික ඇදහීම් දෙවෙනි මට්ටමකට පහත හෙළන්නට කටයුතු කරයි. මෙනිසා වගනිත්යෙහි ඇතිිබුදු දහම ආරක්ෂා කර පෝෂණය කිරීම’ යන බද පෙළට කලහකාරීන් වංචනිකව අර්ථකථනය ලබා දන්නට මග පාදයි.
සංස්කෘතික – ඇතැම් ජනකොටස්වල ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ඇදහීමේ ස්ථාන හා සම්බන්ධ සංකේත තාර්කික නොවන ලෙසින් සහ ඒවා අගතිගාමී ලෙසින් හෑල්ලුවට ලක් කරමින් සෘණාත්මක විදිහා පානු දැකිය හැකිය.
සමාජ මාධ්‍ය – ඩිජිටල් වේදිකා අසත්‍ය හා වැරදි තොරතුරු පැතිරීම වේගවත් කරමින් වෛරී කතා සහ අන්තවාදය පෝෂණය කරනු දැකිය හැකිය. ගිහියන් සහ පූජකයන් යන දෙදෙනාම ධර්මය ගැන පුරසාරම් දොඩන මෙම දේශයේ ජාතිවාදය මිය ගොස් නැති බවත් මිය නොයන බවත් කාටඉ නම් කියන්නට හැකිද?
මෙහි ඇති හාස්‍යය නම් අපරාධකරුවන් ලෙස හඳුනාගෙන ඇති ඇතැම් කුප්‍රකට භික්ෂුන් සහ ඔවුනගේ කණ්ඩායම් පවා මෙයට නායකත්වය දීමයි. අද මෙරටෙහි ජාතිවාදය දිනපතාම කුමන ආකාරයකින් දැකිය හැකිය හෝ අත්විඳිය හැකිය. මෙය මානසික ආකල්පයක් වන නිසා නීතියට මෙම තත්වය තුරන් කළ නොහැකිය. එබැවින්, දෘෂ්ටිය, සංජානනය, විශ්වාසය සහ ඒකාකෘතිකරණය වැනි හැසිරීම් රටා ප්‍රතිසංස්කරණය කරන මුලපිරීම් අනුගමනය කළ යුතුය.
ජනාධිපතිතුමනි, ඔබ යමක් කරනු ඇති යැයි අප උදක් බලා සිටිමු.

