කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර පැවැත්වෙන 96 වැනි සුලෝහිත සංග්‍රාමයට ප්‍රේක්ෂකයන් ලෙස සහභාගී වීම සදහා පළමු වතාවට ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින , එම විදුහල් වල ආදී සිසුන් 60 දෙනෙකුගෙන් යුතු ආදී සිසුන් කණ්ඩායමක්, ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානයකින් ඊයේ (24) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
එම ආදී සිසු පිරිස සමග ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ද පැමිණ සිටියහ.
ඔවුන් සදහා පළමු වරට ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ මිළ ගනන් යටතේ ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබුණි.
ඒ අනුව ඔවුන් ඊයේ රාත්‍රී 10.45 ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 607 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය එළඹෙන 27, 28 සහ මාර්තු 01වන දින තුන් දින තරගයක් ලෙස සහ 07වන දින සීමිත ඕවර් 50 තරගය පළමු වතාවට දිවා රාත්‍රී තරගයක් ලෙස කොළඹ සිංහල ක්‍රීඩාංගනයේ දී ( S.S.C.) පැවැත්වීමට නියමිතය.
(ටී.කේ.ජී. කපිල – කටුනායක )

