පෘතුගාල විදේශ අමාත්‍යවරයා දිවයිනට.

0
8

පෘතුගාල විදේශ අමාත්‍ය පවුලෝ රැන්ගල් ( Paulo Rangel ) මහතා දෙදින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද (24) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

එතුමා සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 04 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ.

ඔවුන් උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම පිරිස පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here