පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් වෙත ගෞරවනීය ‘Lifetime Achievement Award’ උපහාර සම්මානය පිරි නැමේ.

0
8

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් වෙත බෞද්ධ ශාස්ත්‍රීය අධ්‍යයනය, අධ්‍යාත්මික නායකත්වය සහ ශ්‍රී ලංකා – ඉන්දියා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදු කරන ලද සුවිශේෂී මෙහෙවර අගයමින් ඉන්දියාවේ KIIT විශ්වවිද්‍යාලය මගින් ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන ගෞරවනීය ‘Lifetime Achievement Award’ උපහාර සම්මානය පසුගියදා පිරිනමනු ලැබීය.

ශ්‍රී ලාංකිකයෙකු මෙම සුවිශේෂී සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ.

මීට පෙර මෙම සම්මානයෙන් ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි ඇතුළු ජාත්‍යන්තර කීර්තියට පත් සම්භාවනීය පුද්ගලයන් පිරිසක් ඇගයීමට ලක් කර තිබේ.

උන්වහන්සේ සිය ශාස්ත්‍රපති (MA) සහ ආචාර්ය උපාධිය (PhD) ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇති අතර දශක ගණනාවක් තිස්සේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවේ නාමය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර ඇත.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මැදිහත්වීමෙන් ඉන්දියාවේ සර්වඥ ධාතූන් වහන්සේලා ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීම, 2017 වසරේ මෙරට පැවති රාජ්‍ය වෙසක් උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීම යන කරුණු වැදගත් විය.

මෙම ගෞරවය තමන් වහන්සේට පුද්ගලිකව ලැබුණු ඇගයීමකට වඩා, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන්ම කරන ලද උපහාරයක් ලෙස සලකන බව කිරින්දේ නාහිමියෝ ප්‍රකාශ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here