ගෝලීය ආනයන සඳහා ට්‍රම්ප්ගෙන් 10%ක නව බද්දක්.

0
1

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ඊයේ (20) ප්‍රකාශයට පත් කළේය.

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන මෙම නව බද්ද පනවා ඇත.

අමෙරිකානු ජාතිය විමුක්තිය ලැබීමේ දිනය ලෙස නම් කරමින් රටවල් රැසක් ආවරණය වන පරිදි අන්‍යෝන්‍ය ගෝලීය තිරු බදු ප්‍රකාශයට පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේ පසුගිය වසරේ අප්‍රේල් 2වනදාය.

සිය දෙවැනි ධුරකාලයේ රාජකාරි ආරම්භ කර මාස දෙක හමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත ඔහු මෙම බදු පැනවීම සිදුකර තිබුණේ 1977 ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනතින් ලබා දී ඇති බලතල යටතේ බව පවසමින්ය.

එම බදු යෝජනා ක්‍රමය යටතේ විවිධ රටවලට 10% සිට 50% දක්වා නව තීරුබදු ප්‍රකාශයට පත් කෙරුණු අතර, පසුව විවිධ රටවල් අමෙරිකාව සමග ගොඩනගා ගත් වෙළෙඳ එකඟතා මත ඒ ඒ රටවලට පැනවූ බදු ප්‍රතිශතයන් සංශෝධනය කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය.

මෙවන් පසුබිමක, ගෝලීය වෙළෙඳාම තුළ දැඩි ආන්දෝලනයක් ඇති කරමින්, අමෙරිකානු ජනාධිපතිවරයා පැනවූ එම තීරුබදු නීත්‍යානුකූල නොවන බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

රටතුළ ජාතික හදිසි අවස්ථාවකදී භාවිතා කිරීමට පමණක් අවසර ඇති ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත, ආනයනික භාණ්ඩ මත බදු පැනවීම සඳහා භාවිතා කිරීම මගින් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය බලතල ඉක්මවා ගොස් ඇති බව 6-3ක් ලෙස බෙදුණු තීන්දුව ලබා දෙමින් අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here