ඉස්ලාමීය ආගමේ ප්‍රධාන කුලූනු 5න් එකක් වන රාමසාන් උපවාස සීලය තීරණය කිරීම සඳහා අද(18) පස්වරුවේ කොළඹ මහ පල්ලියේ රැස්වූ මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,කොළඹ මහ පල්ලි කාරක සභා සාමාජිකයින්, හිලාල් කමිටුවේ (හඳ තීරණය කරන කමිටුව) සාමාජිකයින්, මුස්ලිම් සමාජය නියෝජනය කරන අනෙකුත් සාමාජිකයින්ගේ විශේෂ රැස්වීමේදී රාමසාන් මාසයේ ප්‍රථම හඳ අද පස්වරුවේ දිස්වූ බැවින් හෙට(19) උදෑසන සිට රාමසාන් උපවාස සීලය ආරම්භ වන බව දැනුම් දුන්නේය.
මේ අතර මෙවර රාමසාන් උපවාසය ලෝකයේ සෞදි අරාබිය, ජිබුති, යේමනය, කටාර්, බහරේන්, පලස්තීනය, සුඩානය, කුවේට්, ඉරාකය, ලෙබනනය, එක්සත් අරාබි එමීර් යන රටවල ඊයේ(18) දිනයේදීත්, සෙසු රටවල් වන ඊජිප්තුව, තුර්කිය, ටියුනීසියාව, ජෝර්දානය, ලිබියාව, ඉන්දුනීසියාව, ඉරානය, ඕමානය, සිංගප්පුරුව, සිරියාව සහ ඇල්ජීරියාව ඇතුළු රටවල් රැසක් අද(19) සඳ දැකීමෙන් හෙට සිට උපවාස සීලය ආරම්භ කිරීමට නියමිතය.

