75 වන සංවත්සරය අභිමානවත්ව සැමරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානම්.

0
2

ශ‍්‍රී ලාංකීය ලක් අඹර සුරැකීම තම වගකීම බවට පත් කර ගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 75 වන සංවත්සරය 2026 මාර්තු මස 02 වන දින අභිමානවත්ව සැමරීමට සියළු කටයුතු සූදානම් කොට ඇත.

සුරකිමු ලකඹර උදෘත පාඨය කර ගනිමින් වසර 75 ක් තම මෙහෙවර මව් බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට හැකිවිය. වර්ෂ 1948 පෙබරවාරි 04 වන දින ශ‍්‍රි ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු ගුවන් හමුදාවක් මේ රටේ ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ඇති විය. එවකට සිටි රාජ්‍ය නායකයන්ගේ මැදිහත්වීම මත වර්ෂ 1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීම සිදු විය.

75 වන සංවත්සරය මූලික කරගනිමින් ගුවන් සංදර්ශන, ගඟන ශිල්පීය තාක්ෂනික දැනුම සහිත අධ්‍යාපනික ප්‍රදර්ශනයක් රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරු පරීශ්‍රය තුල මාර්තු මස 7,8 සහ 9 යන දිනයන් වල පැවැත්ට කටයුතු සංවිධානය කර ඇත.

27 වන වරටත් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය දෙස් විදෙස් තරගකරුවන්ගේ සහබාගීත්වයෙන් 2026 පෙබරවාරි මස 27,28 සහ මාර්තු 01 යන දිනයන්හිදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කොට ඇත.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා ටොයොටා ආයතනය, Verus Analytics (Pvt) Ltd හා අබාන්ස් පුද්ගලික සමාගම විසින් ප‍්‍රධාන අනුග‍්‍රහයකත්වය ලබා දෙන අතර, Cosmic Technologies Pvt Ltd, Sri lanka tourism promotion bureau, Sri lanka insurance cooperation, Bank of Ceylon, Life boy සන්නාමය යටතේ unilever Sri lanka, Asian paints (causeway), Metropoliten technologies, National lotteries Board, Vitagen සන්නාමය යටතේ මැලිබන් බිස්කට් පුද්ගලික සමාගම සහ CEAT Kalani holdings යන ආයතන විසින් අනුග‍්‍රහකත්වය සපයනු ලබයි.

පාපැදි තරග ශ‍්‍රී ලංකාව තුල ව්‍යාප්ත කිරීම හා පාපැදි තරගකරුවන් අතර තරගකාරීත්වය ඇතිකිරීම ගුවන් හමුදා පාපැදි සවාරියේ ප‍්‍රධාන අරමුණ වන අතර, මෙම තරගය ජාතික පාපැදි සම්මේලනයේ නීතිරීති වලට හා ජාත්‍යන්තර ප‍්‍රමිතින්ට අනුව පවත්වනු ලබයි.

තවද ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදුකරන සුභසාධන හා සමාජ සත්කාර මූලික කරමින් සංවිධානය කරනු ලබන “Symphony of Wings” සංගීත ප්‍රසංගය ගුවන් හමුදා ඊගල්ස් රොක් සංගීත කණ්ඩායම හා ජනප්‍රිය ගී තරු සහබාගී කරගනිමින් මාර්තු මස 28වන දින සවස 7.00ට කොළඹ නෙලුම්පොකුන මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත් වීමට නියමිතව ඇත.

මෙම සියළු කටයුතු සදහා නිසි මග පෙන්වීම සහ අධීක්ෂණය වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් සිදු කරනු ලබන අතර
වසර 75 ක් ශ‍්‍රී ලාංකීය ලක් අඹර සුරැකි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිරියටත් මාතෘ භූමිය වෙනුවෙන් තම මෙහෙවර ඉටු කරන්නට නිරතුරු සූදානමින් සිටියි.

මේ අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් දහතුන් වන වරටත් සංවිධානය කරනු ලබන 2026 ගුවන් හමුදාපති කුසලාන (Commander’s Cup) කාන්තා සහ පිරිමි විවෘත ගොල්ෆ් තරඟාවලිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ මග පෙන්වීම මත ත‍්‍රිකුණාමලය වරායට සමීපව සුන්දර චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී 2026 පෙබරවාරි මස 20 හා 21 දිනයන්හීදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.
මෙම ගොල්ෆ් තරගාවළියේ දි ගුවන් හමුදාපති කුසලානයට සමගාමීව ත‍්‍රිවිධ හමුදාවන් නියෝජනය කරන තරඟකරුවන් පිරිමි සහ කාන්තා කාණ්ඩයන්ට අයත්ව දක්‍ෂතම ත‍්‍රිවිධ හමුදා සේවා ක‍්‍රිඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහා ද තරඟ වැදිමට නියමිතව ඇත.
දෙස් විදෙස් ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් රැසක් සහභාගි වීමට නියමිත ගුවන් හමුදාපති ගොල්ෆ් තරගාවළිය තුලින් ශ‍්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ එක්තරා පැතිකඩක් වන ක‍්‍රීඩාව මත පදනම් වූ සංචාරක කර්මාන්තය (Sports Tourism) ප‍්‍රවර්ධනය කිරීමට ගුවන් හමුදාව සතු අනුරාධපුර, කොග්ගල හා චීනවරාය යන ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඉදිකර ඇති ගොල්ෆ් ක‍්‍රීඩාංගන ත‍්‍රිත්වයක් මේ වනවිටත් සුවිශේෂි කාර්යභාර්යයක් ඉටුකරනු ලබන අතර මෙමගින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව තම සෘජු දායකත්වය ලබා දි ඇත.
ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සදහා කුසලාන හා ත්‍යාග පිරිනැමීමේ උත්සවය 2026 පෙබරවාරි මස 21 වන දින සන්ධ්‍යාවේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
මෙම වසරේද ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සාර්ථක කරගැනීම සඳහා අනුග‍්‍රාහකත්වය සපයමින් ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය විසින් ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය සපයනු ලබයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here