ඉන්දියා – පකිස්තාන තරගය බලන්න ක්‍රිකට් ලෝලීහු පුද්ගලික ජෙට් යානා 15කින් කටුනායකට.

0
65

NEWSNOW | – ලෝක කුසළාන 20යි විස්ස තරගාවලියේ ඊයේ (15) පැවති ඉන්දියා – පකිස්තාන ක්‍රිකට් තරඟය නැරඹීමට ක්‍රිකට් ලෝලීහු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙහි විශේෂත්වය වන්නේ විශේෂ පෞද්ගලික ජෙට් ගුවන් යානා 15 කින් ලොව පුරා ක්‍රිකට් ලෝලීහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබීමයි.

එම ගුවන් යානා 14 වන දින සිට ඉන්දියාව, පකිස්තානය ඇතුළු තවත් රටවල් ගණනාවකින් පැමිණ තිබුණි.

එම ගුවන් යානා වලින් පකිස්තාන ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ.ෂාහ් මහතා ඇතුළු කෝටිපති ව්‍යාපාරිකයන් රැසක් ද පැමිණ සිටියහ.

තරගය අවසානයේ ඔවුන් පැමිණි ගුවන් යානා වලින්ම පිටත්ව ගොස් තිබේ.

(ටී.කේ.ජී. කපිල – කටුනායක)