ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර විස්සයි 20 තරඟයේ සියලුම ප්‍රවේශ පත් විකිණී අවසන්.

0
193

ලබන 16වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර විස්සයි 20 තරඟයේ සියලුම ප්‍රවේශ පත් විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ හේතුවෙන් ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ප්‍රවේශපත් කවුළුවෙත පැමිණීමෙන් වළකින ලෙස ක්‍රිකට් ආයතනය ක්‍රීඩාලෝලීන් වෙත දැනුම් දෙයි.

‘B’ කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය එළැඹෙන 16වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව ඇත.

ක්‍රීඩාලෝලීන් 35,000ක ධාරිතාවක් පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේ තිබේ.