විදුලි සේවකයින් වර්ජනයකට සූදානම්

0
8

දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි.

ඒ සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට රජය සූදානම් වන බව පවසමිනි.

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක නියෝජතයින්ගේ අත්සනින් යුක්තව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ පිළිබදව දැනුම් දී ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ඉල්ලීම් 8ක් ඇතුළත් ලිපියක් පසුගිය ජනවාරි මස 12 වන දින අදාළ වෘත්තීය සමිති විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත යොමුකර තිබේ.

කෙසේවෙතත් අදාළ ඉල්ලිම් සම්බන්ධයෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මේ දක්වා ලැබී නොමැති බැවින් යළිත් වරක් අදාළ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකරමින් ඊයේ (09) දිනයේ අමාත්‍යවරයා වෙත විදුලි වෘත්තීය සමිති විසින් තවත් ලිපියක් යොමුකර ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here