ජේෂ්ඨ මාධ්‍යවේදී ෆියාස් මොහොමඩ් මහතාට newsnow මගින් උපහාරයක්

0
60

වසර 5කට වැඩි කාලයක් newsnowහි ප්‍රධාන කතෘ ධූරය සහ පහන මීඩියා ආයතනයේ සංවර්ධනය වෙනුවෙන් කැපවූ ජේෂ්ඨ මාධ්‍යවේදී ෆියාස් මොහොමඩ් මහතා එම ආයතනයෙන් සමුගෙන යාම හේතුවෙන් ඒ මහතා වෙනුවෙන් සමුගැනීමේ වැඩසටහනක් අප කාර්යාලයේදී පසුගියදා පැවැත් වුණි.

මෙහිදී වසර 5කට වැඩි කාලයක් තිස්සේ newsnow සන්නාමය ජනතාව අතරට ගෙන යාම වෙනුවෙනුත් පහන මීඩියා සමාජ කටයුතුවලදී ඔහු දැක්වූ සේවාව අගය කරමින් පහන මාධ්‍ය ආයතනයේ සභාපති සෙයිද් සාලිම් රිෆායි මවුලානා මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහනක් පැවැත්වුණි.

මේ අවස්ථාවේ ආයතනයේ සභාපති සෙයිද් සාලිම් රිෆායි මවුලානා සහ අධ්‍යක්‍ෂ අබ්දුල් මුජීබ් සාලිහ් මවුලවිතුමාද ෆියාස් මහතා පහන මීඩියා හරහා ලබාදුන් උසස් මාධ්‍ය සහ සමාජ සේවාවන් පිළිබඳව ඇගයීමට ලක් කළේය. මේ අවස්ථාවේදී ඔහුගේ සේවය අගය කරමින් තිළිණයක්ද සභාපතිතුමා විසින් පිරිනමනු ලැබීය.

ගවේෂණාත්මක ප්‍රවෘත්ති සහ දේශපාලන ලිපි ලියන පුවත්පත් කතුවරයෙකු ලෙස ෆියාස් මොහොමඩ් මහතා දෙමළ පුවත්පත් පාඨකයින් අතර ජනප්‍රිය මාධ්‍යවේදියෙකි. පළමුව ගණකාධිකාරීවරයෙකු ලෙස සිය වෘත්තීය අරඹන ඔහු Adametexpo, Mercylanka වැනි ආයතන වල සේවය කර තිබේ. ඉන්පසු මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු දෙමළ පාඨකයින් අතර ජනප්‍රියවූ පුවත්පතක් වන ‘මීල්පාරවෛයි’ පුවත්පතේ ප්‍රධාන කතෘ ලෙස සේවය කළේය. ඉන් පසුව newsnow සමඟ එක්වෙමින් එහි ප්‍රධාන කතෘ ධූරය දැරූ ෆියාස් මහතා වසර 5කට වැඩි කාලයක් එහි සේවය කරමින් ජනතාවාදී පුවත් වාර්තාකරණයට ප්‍රධාන තැනක් ලබාදුන්නේය. 2025 නොවැම්බර් මාසයේදී newsnow ආයතනයෙන් සමුගත් ෆියාස් මොහොමඩ් මහතා මේ වන විට Samaneethi සඟරාව ආරම්භ කරමින් ඔහුගේ මාධ්‍ය මෙහෙවර තවදුරටත් අධිෂ්ඨානයෙන් යුතුව කරගෙන යනු ලබයි. ඔහුගේ මාධ්‍ය හා සමාජ මෙහෙවර තවදුරටත් සාර්ථක වේවායි newsnow අපි සුබ පතන්නෙමු.