සර්වඥධාතු වන්දනාව සඳහා සර්ව ආගමික නායකයෝ එක් වෙති.

0
2

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන සර්වඥධාතු වන්දනාව සඳහා සර්ව ආගමික නායකයෝ එක් වෙති.

ජාතික එකමුතුව සඳහා වූ අන්තර් ආගමික සන්ධානයේ සාමාජිකයින් වන පූජ්‍ය ආචාර්ය ගලගම ධම්මරංසි හිමි, බාබුෂර්මා කුරුක්කල්තුමා, නිශාන්ත කුරේ පියතුමා, ආචාර්ය හසන් මවුලානා සහභාගී වූහ.

මෙම අවස්ථාවට ආචාර්ය කිරින්දේ අස්සජි නායක මාහිමියන් ,ආනන්ද විජයපාල ,ගමගෙදර දිසානායක ඇමැතිවරුද එක්ව සිටියහ.

ඊයේ උදෑසන (05)සිට ආරම්භ කෙරුණු මෙම සර්වඥධාතු ප්‍රදර්ශනය සඳහා සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here