ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී , එහි තුන් වන ස්ථානය මෙන්ම මෙම තරගාවලියේ
“Missis PhotoGenic” රූ රැජින ලෙස ද කිරුළු පළන් සබීනා යූසෆ් මහත්මිය අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළිත් මෙරටට පැමිණියාය .
මෙම තරගාවලිය , ලෝකයේ රටවල් 60 ක තරගකාරියන් ගේ සහභාගීත්වයෙන් ඉකුත් 01/22 දින සිට 01/29 දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පවත්වා තිබුණි.
සබීනා යූසෆ් මහත්මිය 02/04 දින අලුයම 02.45 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය පිළිගැනීම සදහා මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ , ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ” ගෝල්ඩ් රූට් ” මගී පර්යන්තය වෙත පැමිණ තිබුණි.


