අභිමානවත් ඉතිහාසයක ශ්‍රී ලාංකේය මුස්ලිම් ලකුණ ‘ ග්‍රන්ථය එළිදැක්වීම අද පස්වරුවේ.

0
1

ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම්වරුන් සියවස් ගණනාවක් තිස්සේ මේ රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අනෙකුත් ක්ෂේත්‍රවල ලබා දුන් දායකත්වයන් පිළිබඳව විග්‍රහ කරන ඓතිහාසික ග්‍රන්ථයක් වන ආචාර්ය රවුෆ් සයින් විසින් දෙමළ බසින් සකස් කරන ලද “ඉලංකෛ මුස්ලිම්ඛලින් තේසිය පන්ගලිප්පු” නම් ග්‍රන්ථය, ආචාර්ය ධම්මික ජයසිංහ විසින් ‘අභිමානවත් ඉතිහාසයක ලංකේය මුස්ලිම් ලකුණ’ යන නමින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත.

එහි එළිදැක්වීමේ උත්සවය අද (28 ) සවස 4.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙම විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි මහතා සහභාගී වන අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ආචාර්ය රෝහිත දිසානායක විශේෂ දේශනයක්ද පවත්වනු ඇත.

ඊට අමතරව, මෙම උත්සවය සංවිධානය කරන පහන මාධ්‍ය ආයතනයේ 7 වන සංවත්සරය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතාගේ දේශනයක්ද පැවැත්වේ.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ගමගෙදර දිසානායක සහ මුනීර් මුලාෆර් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ,සර්ව ආගමික නායකයින්, ආයතන ප්‍රධානීන්, සමාජ ක්‍රියාකාරීන් සහ බුද්ධිමතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here