එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.
ඔවුන් මෙරට තුළ ගත කරන කාළය තුළ එක් දින ක්‍රිකට් තරග 03 කට සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 කට සහභාගී වීමට නියමිතය.
එහිදී එළඹෙන 22 දින, 24 සහ 27 දින වල එක් දින තරගාවලිය, දිවා රාත්‍රී තරග ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
එසේම මෙම මස 30 දින, පෙබරවාරි මස 01 සහ 03 යන දින වල විස්සයි විස්ස තරගාවලිය, රාත්‍රී තරගාවලියක් ලෙස පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය සදහා සහභාගී වීම සදහා නිලධාරීන් සහ ක්‍රීඩකයින්ගෙන් 28 සමන්විත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසනය 08.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සමග එක්ව විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
මෙම කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය , පොලිස් විශේෂ කාර්යය බළකාය සහ අමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීවරුන් ගුවන් තොටුපොළ තුළ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.

