නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරයි.

0
5

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර ඇති බවයි.

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර එම නිවේදනය අද (10) පස්වරු 4.00 සිට හෙට (11) පස්වරු 04.00 දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හාලිඇළ, පස්සර, ලුණුගල, වැලිමඩ, මීගහකිවුල, කන්දකැටිය, ඌව පරණගම, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය, උකුවෙල,  ලග්ගල පල්ලේගම, රත්තොට, විල්ගමුව, යන ප්‍රදේශ වලට එම දැනුම් දීම කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ, උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහේන, වලපනේ, මතුරට, හඟුරක්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here