වොලිබෝල් ක්‍රීඩාව සඳහා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්‌ගේ කැපී පෙනෙන උද්‍යෝගය සහ දක්ෂතාවය සැමරීම සඳහා පැවැත්වු 23 වන DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශූරතාවලිය 2025 නොවැම්බර් 15 සහ 16 යන දෙදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති සාර්ථකව පැවැත්වූවා. ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් දිනාගෙන සිටින ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් සන්නාමය වන ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (පුද්) සමාගමේ (DSI) අනුග්‍රාහකත්වය මත සංවිධානය වන මෙම පාසල් වොලිබෝල් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් සංගමය හවුල්කාරීත්වයක් ගොඩනගා ගෙන ඇත.
දිවයින පුරා සිටින කණ්ඩායම් 3,000 කට අධික සංඛ්‍යාවක් මෙම වසරේ තරඟාවලියට සහභාගී විය. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස වොලිබෝල් ක්‍රීඩාවේ තත්ත්වය සහ ජනප්‍රියතාවය අඛණ්ඩව ඉහළ නැංවීමට තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඇති කැපවීම මෙහිදී ඉස්මතු වීම විශේෂත්වයකි. එම ක්‍රියාශීලී සහභාගීත්වය මඟින් පිළිබිඹු වන්නේ බිම් මට්ටමේ පවතින ක්‍රීඩාවක් කෙරෙහි ක්‍රීඩකයන්ගේ ඇති ඉමහත් ආශාවත් එමඟින් රටේ ක්‍රීඩා සංස්කෘතිය හැඩගැස්වීම සඳහා වන දිගු කාලීන බලපෑමත් ය.

ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා මෙම ඉසව්වේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශූරතාවලියේ ප්‍රධාන අරමුණ වන්නේ නාගරික හා ග්‍රාමීය පසුබිම්වල පාසල් මට්ටමේ සිටින ක්‍රීඩකයින්ගේ කුසලතා වර්ධනය කිරීම තුළින් ඔවුන්ට ජාතික පිළිගැනීමක් ලබා දීම සහ අවසානයේ ඔවුන්ට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ නියෝජනය කිරීමට අවකාශය සකස්කර දීමයි. එමෙන් ම මෙම තරඟාවලිය හරහා ක්‍රීඩාවේ දියුණුව පමණක් නොව, රටේ ප්‍රමුඛතම පාසල් සපත්තු සන්නාමය වන DSI සන්නාමය පිළිබඳව සමාජය තුළ යහපත් ප්‍රතිරූපයක් නිර්මාණය වී තිබීම සම්බන්ධයෙන් ද අපි ආඩම්බරයට පත් වෙමු ” යනුවෙනි.
මෙම තරඟාවලිය තුළින් තරඟයේ තරඟකාරී ස්වභාවය අභිමවමින් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා DSI සන්නාමයේ උපරිම කැපවීම නැවත නැවතත් තහවුරු කර තිබේ. දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ, DSI සුපර්ස්පෝර්ට් තරඟාවලිය රටේ ක්‍රීඩා සංවර්ධනයේ මූලික අඩිතාලම වූ අතර, තරුණ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවන් ප්‍රදර්ශනය කිරීම තුළින් ඉහළ මට්ටමේ තරඟකාරිත්වයක් වෙත යොමු වීමට අවස්ථාව ලබා දෙයි. එය දක්ෂතාවලින් පිරි නැගී එන ක්‍රීඩකයින් පෝෂණය කිරීම සඳහා සුදුසු ම වේදිකාව බවට පත්ව තිබෙන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තරම් ඉහළ මට්ටමේ දක්ෂතා සහිත ක්‍රීඩකයින් වීම ප්‍රගතියකි.
මෙම වසරේ පැවැත්වූ තරඟාවලියේ සාර්ථකත්වය සඳහා දායක වූ සියලුම ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, නිලධාරීන්ට සහ ස්වේච්ඡා සේවකයින්ට ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර ක්‍රීඩාවේ ආත්මගරුත්වය ආරක්ෂා කරන, තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර විශිෂ්ටත්වය දිරිමත් කරන සුළු ආශාව සහ කැපවීම ද ඔහු අගය කළහ. ක්‍රීඩාව තුළින් ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් සවිබල ගැන්වීම, දක්ෂතා පෝෂණය කිරීම, විනය පෝෂණය කිරීම සහ ජාතියේ අභිමානය ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා අනාගත පරපුරේ වොලිබෝල් ශූරයන් දිරිමත් කරන මූලාරම්භයන්ට සහාය වීම සඳහා DSI අඛණ්ඩව කැපවී කටයුතු කරන බව ඔහු නැවතත් විශ්වාසයෙන් තහවුරු කර සිටියා.
තරඟාවලියේ සමස්ත ගුණාත්මකභාවය පිළිබඳව අධ්‍යනය කිරීමේදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවට අයත් පාසල් කිහිපයකින් පැමිණි තෝරාගත් වයස් කාණ්ඩවලට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දක්ෂතා දැක්වීය. නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල සහ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය එක් එක් වයස් කාණ්ඩ මට්ටමින් ශූරතා දෙකක් දිනා ගත්හ. ධම්මිස්සර ජාතික පාසල බාලිකා කනිෂ්ඨ කාණ්ඩය (11න් පහළ බාලිකා සහ 13න් පහළ බාලිකා) ශූරතාවය දිනාගත් අතර, රාජසිංහ විද්‍යාලයීය බාලිකා ජ්‍යෙෂ්ඨ කාණ්ඩය (17න් පහළ බාලක සහ 19න් පහළ බාලක) ශූරතාවය දිනා ගත්හ. ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලය (11න් පහළ බාලක), ඇහැලියගොඩ ධර්මපාල මධ්‍ය මහා විද්‍යාලය (13න් පහළ බාලක), නාත්තන්ඩිය ජනාධිපති ජාතික පාසල (15න් පහළ බාලිකා), හලාවත ශාන්ත මරියා විද්‍යාලය (15න් පහළ බාලක), මහව විජයබා විද්‍යාලය (17න් පහළ බාලිකා) සහ හුංගම විජයබා ජාතික පාසල (19න් පහළ බාලිකා) තරඟාවලිය තුළ ශූරතා දැක්වූ අනෙකුත් පාසල් වේ.
වයස අවුරුදු 11 න් පහළ බාලිකා අංශයේ ශූරතාවය නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසල දිනා ගත් අතර, අනුශූරතාවය නාත්තණ්ඩිය දුක්කන්නව කනිෂ්ඨ විද්‍යාලය සහ තෙවන ස්ථානය මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යාලය දිනා ගත්හ. වයස අවුරුදු 11 න් පහළ බාලක ශූරතාවය ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලය දිනා ගත් අතර, බෙන්තොට ගාමිණී ජාතික පාසල අනුශූරතාවය දිනා ගත්හ. එහි තෙවන ස්ථානය නාත්තණ්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය දිනා ගනු ලැබීය.
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල වයස අවුරුදු 13 න් පහළ බාලිකා අංශයේ තවත් ශූරතාවක් දිනා ගත් අතර, ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල අනුශූරතාවය සහ ශ්‍රී රාහුල විද්‍යාලය එහි තෙවන ස්ථානය දිනා ගත්හ. වයස අවුරුදු 13 න් පහළ බාලක ශූරතාවය ඇහැලියගොඩ ධර්මපාල මධ්‍ය මහා විද්‍යාලය දිනා ගත් අතර, වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය එහි අනුශූරතාවය සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය එහි තෙවන ස්ථානය දිනා ගත්හ.
වයස අවුරුදු 15 න් පහළ බාලිකා ශූරතාවය නාත්තණ්ඩිය ජනාධිපති ජාතික පාසල දිනා ගත් අතර, අනුශූරතාවය මාබිම විද්‍යාකාර මහා විද්‍යාලය දිනා ගත් අතර, එහි තෙවන ස්ථානය පානදුර ශාන්ත අන්තෝනි බාලිකා මහා විද්‍යාලය දිනා ගත්හ. වයස අවුරුදු 15 න් පහළ බාලක ශූරතාවය හලාවත ශාන්ත මරියා විද්‍යාලය දිනාගත් අතර, ඇහැලියගොඩ ධර්මපාල මධ්‍ය මහා විද්‍යාලය (අනුශූරතාවය) ද, තෙවන ස්ථානය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය දිනා ගත්හ.
ජ්‍යෙෂ්ඨ කාණ්ඩ යටතේ, මහව විජයබා විද්‍යාලය වයස අවුරුදු 17 න් පහළ බාලිකා ශූරතාවය දිනා ගත් අතර, හුංගම විජයබා ජාතික පාසල අනුශූරතාවය සහ කෙහෙළුමුල්ල මහා විද්‍යාලය තෙවන ස්ථානය දිනා ගත්හ. 17 න් පහළ බාලක ශූරතාවය රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයට හිමි වූ අතර, හම්බන්තොට වලස්මුල්ල ජාතික පාසල අනුශූරතාවය සහ ඇහැළියගොඩ ධර්මපාල විද්‍යාලය එහි තෙවන ස්ථානය දිනා ගත්හ.
19න් පහළ බාලිකා ශූරතාවය හුංගම විජයබා ජාතික පාසල දිනා ගත් අතර, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය පරාජය කරමින් ඉංගිරිදවුල ගැමුණු මධ්‍ය මහා විද්‍යාලය තෙවන ස්ථානයට පත්විය. අවසානයේ, 19න් පහළ බාලක ශූරතාවය රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය දිනා ගත් අතර, නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලය අනුශූරතාවය සහ මීගමුව ලොයෝලා විද්‍යාලය එහා තෙවන ස්ථානයට පත්විය.
තරඟාවලියේ කැපී පෙනෙන අංගයක් වූයේ ක්‍රීඩකයින් තනි තනි වශයෙන් දැක්වූ විශිෂ්ට දක්ෂතා වන අතර, ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම එම විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් සම්මාන හිමි විය. දක්ෂතම ක්‍රිඩිකාව හෙවත් “වසරේ ක්‍රීඩිකාව” යන සම්මානය හුංගම විජයබා ජාතික පාසලේ (19න් පහළ බාලිකා) W. G. පවනි පබසරාටත්, දක්ෂතම ක්‍රිඩකයා හෙවත් “වසරේ ක්‍රීඩකයා” යන සම්මානය රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ (19න් පහළ බාලක) K. M. V. C. විජේවික්‍රමටත් හිමිවිය. ඔවුන් අදාළ 19න් පහළ කාණ්ඩවල දක්ෂතම ක්‍රීඩිකාව සහ ක්‍රිඩකයා ලෙස සඳහන් විය. නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ, කනිෂ්ඨ බාලිකා අංශයේ දක්ෂතම ක්‍රිඩිකාව වූයේ ආර්. එම්. ෂයිනි මදහෂිනි (හොඳම ක්‍රීඩිකාව, වයස අවුරුදු 11 න් පහළ බාලිකා) සහ යෙන්සාදි ඉමායා (හොඳම ක්‍රීඩිකාව සහ වයස අවුරුදු 13 න් පහළ හොඳම ප්‍රහාරකයා) විය. හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ කේ. එම්. හංසජ දිදුල බණ්ඩාර (15 න් පහළ බාලක අංශයේ හොඳම ක්‍රීඩකයා සහ හොඳම ප්‍රහාරකයා) යන සම්මාන දෙකම දිනාගත් අතර, නාත්තන්ඩිය ජනාධිපති ජාතික පාසලේ ආර්. ඩී. මන්දාරා මහේෂි (15 න් පහළ හොඳම ක්‍රීඩිකාව සහ හොඳම අවහිර කරන්නිය) විය. රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ ජී. ආර්. ජේ. එච්. ඒ. ගුණවර්ධන (17 න් පහළ හොඳම ක්‍රීඩිකාව) සහ එල්. ආර්. සී. ලියනගේ (වයස අවුරුදු 19 න් පහළ, බාලක හොඳම පන්දු සකසන්නා) යන සම්මාන දිනා ගත්හ. විශේෂත්වය නම්, හලාවත ශාන්ත මරියා විද්‍යාලය වයස අවුරුදු 15 න් පහළ බාලක අංශයේ තනි විශිෂ්ට දක්ෂතා සම්මාන හයම දිනා ගැනීමට සමත් වූ අතර, හුංගම විජයබා ජාතික පාසල වයස අවුරුදු 19 න් පහළ බාලිකා අංශයේ තනි විශිෂ්ට දක්ෂතා සම්මාන හතෙන් හයක්ම දිනා ගනිමින් සිය පාසල කෙරේ අභිමානයේ ආධිපත්‍යය තහවුරු කර ගැනීමට සමත්

