ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් කිසිදු රටකට ක්‍රියා කළ නොහැක – රවුෆ් හකීම්

0
43

කොතරම් විශාල හෝ බලවත් වුවත්, ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් ක්‍රියා කළ නොහැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (6) මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

අන්තර්ජාතික නීතිය තුළ ඉරෙඩෙන්ටිසම් (Irredentism) හෝ ආණ්ඩු මාරු කිරීම (Regime Change) සඳහා කිසිදු ස්ථානයක් නොමැත.
ලතින් ඇමරිකාව, මැද පෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල රටවල් කිහිපයක්, තම තමන්ගේ සාර්වභෞමිත්වය සහ භූමියක අඛණ්ඩතාව උල්ලංඝනය විය හැකි ලෙස යුධ ප්‍රහාර හා වෙනත් බලහත්කාර ආක්‍රමනය කිරීම් නිසා බරපතළ ලෙස තර්ජනයට ලක්ව ඇති බව දැඩි කනස්සල්ලෙන් සදහන් කරනු කැමැත්තෙමු.

විශේෂයෙන්ම, වැනිසුවෙලා රට තුළ සිදුකළ නීතිවිරෝධී හමුදා ආක්‍රමණ සහ එරට ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන රඳවා තැබීම යන සිදුවීම්වල පසුබිම තුළ මෙම තර්ජන මතු වී ඇත. මෙම සියලු ක්‍රියාමාර්ග වත්මන් ට්‍රම්ප් පාලනය විසින් සිදුකර ඇති බව සඳහනය.

රටක් කොතරම් විශාල හෝ බලවත් වුවද, අන්තර්ජාතික නීතිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය අතිශය ලෙස උල්ලංඝනය කිරීමේ අයිතිය කිසිදු රටකට නොමැත. දෙවන ලෝක යුද්ධයෙන් පසු ස්ථාපිත වූ ලෝක ක්‍රමවේදය, අන්තර්ජාතික සාමය හා ආරක්ෂාවට අදාළ සමහර නොවිසඳුණු අභියෝග තිබුණද, සමස්තයක් ලෙස ලෝක ස්ථාවරත්වය රඳවාගෙන ආවේය. එහෙත්, ආත්මාර්තකාමීත්වය පෙරදැරි කොටගත් වත්මන් සිය භූ-දේශපාලන අභිලාෂයන් දැඩි ලෙස පසුපසින් ගෙන යාම එම ක්‍රමවේදය තවදුරටත් අස්ථාවර කර ඇත.
අද කාලය තුළ තාවකාලිකව ක්‍රියාත්මක වන සම්පත් සූරාකෑම මූලික කරගත් භූ-දේශපාලන ප්‍රවණතාවයන්, සියලු අන්තර්ජාතික නීතිමය සම්මතයන්ටත් ස්ථාපිත රාජ්‍යතාන්ත්‍රික පුරුදු වලටත් සෘජුවම විරුද්ධ වේ.
ඉතාමත් කැපී පෙනෙන ලෙස, ඇමරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්ති සූරාකෑම, ආණ්ඩු මාරු කිරීමේ ව්‍යාපෘති, ඉරෙඩෙන්ටිස්ට් ප්‍රවණතා සහ ප්‍රතියුධ ක්‍රියාමාර්ග මගින් සිදුකළ අමානුෂික ක්‍රියාවන් සැඟවූ එහි “නීතිමය ආවරණය” ඉවත දමා ඇත. දැන් එය විවෘතව සහ ලජ්ජාවකින් තොරව වෙනත් රටවල සම්පත් මත හිමිකමක් හෝ පාලනයක් ප්‍රකාශ කරයි. එහෙත් අන්තර්ජාතික නීතියේ පැහැදිලිවම පිහිටා ඇති කරුණක් වන්නේ, ස්වභාවික සම්පත් පිළිබඳ සාර්වභෞමත්වය සම්පූර්ණයෙන්ම ඒවා අයත් රටටම හිමි විය යුතු බවටයි.

මෙවැනි වර්ධනයන්ට නිදහස්ව ඉදිරියට යාමට ඉඩ දුනහොත්, ඒවා සමස්ත මානව වර්ගයාගේම අගය පහත දැමීමට හේතු වනු ඇත. එසේම, එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කරනු ලැබූ මූලික අරමුණ වූ තවත් ලෝක යුද්ධයක් වැළැක්වීම අභියෝගයට ලක් කරමින්, ලෝකය ඉතා අවදානම් තත්ත්වයකට ඇද දැමිය හැක.

මෙම අතිශය නින්දිත ක්‍රියා සහ සිදුවීම් අපි කිසිදු සංකෝචයකින් තොරව දැඩි ලෙස හෙළා දකිමු. රාජ්‍යයන් අතර ඇතිවන විවාද සහ ගැටුම් විසඳා ගැනීම සඳහා එකම මාර්ගය ලෙස සංවාදය සහ සහයෝගීතාවය තෝරාගත යුතු බවත්, දුර්වල රාජ්‍යයන් හා ජනතාවට එරෙහිව සිදුකරන අසාධාරණ සහ දූෂිත ප්‍රතිපත්ති අවසන් කළ යුතු බවත් අපි ආයාචනා කරමු.

ලෝක සාමය සහ ආරක්ෂාවට තර්ජනය කරන ඒකපාර්ශ්වීය ආවේගයන් පාලනය කිරීම සඳහා, නොපමාව ගෝලීය ප්‍රජාව සම්බන්ධිත රටවල් සමඟ එකමුතුවෙන් නැගී සිටිය යුතු කාලය එළඹ ඇත.

රවුෆ් හකීම්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here