පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් අල්ලස් කොමිසමට කැඳවයි.

0
24

NEWSNOW | – හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතා අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියේය.

ඒ පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරිය ප්‍රදේශයේ කුලී පදනම මත ගොඩනැගිල්ලක් මිලදී ගැනීම පිළිබඳව අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශන වලට අදාළවය.

මේ අනුව එම සිද්ධියට අදාළව එවක රජය සමයේදී කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදියුදීන් මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here