රුසියාවේ මොස්කව් නුවර ගුවන් තොටුපළවල් කිහිපයක් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. ඒ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙනි.
මොස්කව්හි පිහිටි ගුවන් තොටුපළවල් හතරෙන් තුනක් මෙලෙස තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එහිදී මොස්කව්හි පිහිටි වුනුකෝවෝ ප්‍රධාන ගුවන් තොටුපළ ද වසා දමා ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ප්‍රහාරය සඳහා පැමිණි යුක්‍රේන ඩ්‍රෝන යානා 27ක් ද විනාශ කර තිබේ.

