වර්තමාන තත්ත්වය සහ වගකීම් පිළිබඳව දැනුවත් කරමින් නිව්ස් නව් සංවිධානය කළ 2026 අලුත් අවුරුදු සැමරුම

0
31

උදාවූ 2026 නව වසර වෙනුවෙන් සුපුරුදු පරිදි පහන මාධ්‍ය ආයතනයේ නව කාර්යාල පරිශ්‍රයේදී අද (01) උදෑසන නව වසර ඇරඹීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කෙරුණි.

මේ සඳහා අමරපුර නිකායේ මහානායක සහ ධර්ම ශක්ති සංවිධානයේ සභාපති අතිපුජ්‍ය මාදම්පාගම අස්සජි තිස්ස නාහිමිපාණන් වහන්සේ , විශ්‍රාමික රදගුරු අසිරි පී පෙරේරා පියතුමා, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මහතා, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කිරීම උදෙසා වූ ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ සමන් සෙනවිරත්න මහතා සහ ජාතික ශුරා සභාවේ විධායක සභික මොහොමඩ් නුහුමාන් මහතා ඇතුළු කිහිප දෙනෙක් සහභාගී වූහ.

මෙහිදී අමරපුර නිකායේ මහානායක සහ ධර්ම ශක්ති සංවිධානයේ සභාපති අතිපුජ්‍ය මාදම්පාගම අස්සජි තිස්ස නාහිමිපාණන් වහන්සේ නව වසරට ආශිර්වාද කරමින් පැවසුවේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් විශාල කාර්යභාර්යක් ආගමික නායකයින්ට පැවරී ඇති බවයි.

ඉන් අනතුරුව අදහස් අදැක්වූ විශ්‍රාමික රදගුරු අසිරි පී පෙරේරා පියතුමාද නව වසර වෙනුවෙන් සුභාෂිංශණ පල කරමින් කියා සිටියේ සෑම ආගමකම මනුෂ්‍යත්වය සහ ස්වභාව ධර්මය අතර ඇති බැඳීමේ ඇති වැදගත්කම පෙන්වා දෙන බවයි. නමුත් මේවන විට මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් නිසා සොබාදහම මිනිසාගෙන් ඈත්වීම මෙම ව්‍යසනයෙන් අපට පෙන්වා දෙන බව පියතුමා මෙහිදී පැහැදිලි කළේය.

මංජුල ගජනායක මහතා අල් කුරානයේ සඳහන් වැකියක් උපුටා දක්වමින් පැවසුවේ මිනිසා තමන්ව වෙනස් කර නොගත් හොත් කිසිවිටෙක අල්ලාහ් දෙවියන් විසින් කිසිවෙකු වෙනස් නොකරන බවයි. ඒ අනුව මිනිසුන් මේ ව්‍යසනය හමුවේ තම දියුණුව වෙනුවෙන් වෙනස් වීමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව අදහස් දැක්වූ සමන් සෙනවිරත්න මහතා මේ ව්‍යසන සමයේ රටේ විවිධ ප්‍රදේශ වල පීඩාවට පත් ජනතාවගේ කණගාටුදායක අත්දැකීම් අප සමඟ බෙදා ගත්තේය. මෙහිදී ඔහු කියා සිටියේ එම ජනතාවගේ භෞතික කඩා වැටීමට වඩා මානසික කඩාවැටීම බරපතල බවයි. ඉන් ඔවුන් මුදවා ගැනීමට අප කටයුතු කළ යුතු බවයි.

මෙම අවස්ථාවට සහභාගී වූ ආගමික නායකයින් දෙපළට සමරු තිළිණ පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණි.

අවසානයේ සහභාගී වූ සියලු දෙනා අළුත් අවුරුදු උදාව වෙනුවෙන් සූදානම් කර තිබූ කෑම වල රස වින්දේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here